ධනවත් රටවල් එන්නත් කොන්ත්‍රාත්තු හා ඔවුන්ට ලැබිය යුතු මිලියන ගණන පිළිබඳව සටන් වැදීම අතරතුර, ලොව දිළිඳු රටවල සෞඛ්‍ය සේවකයන් ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයන්ට පවා එන්නත් කෑල්ලක් හෝ ඉතිරි නොවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය මයික් රයන් චෝදනා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ රයන් පැවසුවේ ධනවත් රටවල ජනතාව හෘද සාක්ෂියට අනුව මේ තත්ත්වය සලකා බැලිය යුතු බවයි.
"අපි හැමෝම දුගී රාජ්‍යයන් හි සෞඛ්‍ය සේවකයන් සිටින ස්ථානයට පැමිණිය යුතුයි. ඔවුන් අද සිටින තැනට පැමිණිය යුතුයි. ඔවුන් දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ඉදිරි පෙළට සටන් කරනවා" රයන් පැවසීය.
"නමුත් ඔවුන් මේ මොහොතේ පෝලිමේ කෙළවරට ගමන් කරළා. ඉතින් ඔවුන් පෝලිමේ ඉහළට යන තෙක් බලා සිටියත්, පෝලිමේ ඉහළින් සිටින අය තවත් ඉහළට යෑමට පෝලිමේ සිටින තැනට එරෙහිවත් සටන් කරනවා."
"එන්නත් කේක් ගෙඩිය සමග පොරබදමින් ඔවුන්ට පෙනෙන්නේ එයයි. ඒ නිසා ඔවුන්ට පිටුපසට ගොස් අපේ නිර්භීත සගයන් ගැනත්, ඔවුන් අද සිටින තැන ගැනත් අප කුමක් කරන්නේද යන්න ගැනත්, සිතා බැලිය යුතුයි." වෛද්‍ය රයන් වැඩිදුරටත් කියා සිටියේය.