හැටන් දිඹුල පතන පොලිසියේ තවත් පොලිස් නිලධාරින් 04 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (21 ,22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වි ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
එම පොලිසියේ රාජකාරි කල දැනට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර සිටින පොලිස් පරික්ෂකවරයෙකුට ප්‍රථමයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් අනතුරුව එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව දිඹුල පතන පොලිසියේ සැරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු විය.
නව අසාදිතයන් සිව්දෙනාගේ ළගම ආශ්රිත පොලිස් නිලධාරින් 10 දෙනෙකු (22) දින ස්වයං නිරෝධානයට යොමු කල බවත්, එම නිලධාරින්ද පි.සි.ආර් පරික්ෂණයට යොමු කරන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
දිඹුල පතන පොලිසියේ රාජකාරි සදහා වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරින් තම පොලිසියට අනුයුක්ත කල බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.