දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍යය කොන්දේසි මත තාවකාලිකව හෙට ( 05දා) අළුයම 5 සිට පස්වරු 5 දක්වා විවෘත කර තැබීමට අවසර ලබාදෙන බව කොවිඩ් 19 වසංගත පාලන මෙහෙයුම් මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා අද සවස දැනුම් දුන්නේය .
වසංගත තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පසුගිය 26 වන දින සිට මේ දක්වා හුදෙකලා කොට වසා දමා තිබිණි .මේ හේතුව නිසා එළවළු ගොවීන්ට සිය අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයටකට පත්ව සිටියහ.
මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතා කියාසිටියේ ආර්ථික මධ්‍යස්ථානය පළමු දින කිහිපය මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින් ගේ එළවළු අලෙවි කිරීම් සඳහා විවෘත කිරීමට සිදුවන බව ය.
එහෙත් දඹුල්ල නගරය තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවත්වා ගෙන යන බව සඳහන් කළේය. දේශීය එළවළු ගොවියාගේ අස්වනු විකුණා ගැනීමට නොහැකි බරපතළ තත්ත්වයක් උදාවීම නිසා මෙම තීරණය ගත් බවද පැවසීය. කෙසේ වෙතත් දඹුල්ලේ තවමත් බරපතළ ලෙස රෝගය පැතිරේ යෑමේ අවදදානම පවතින බවද පෙන්වා දුන්නේය .
ඒ අනුව ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළුවීම එළවළු අලෙවි කිරීම ඇතුළත රැඳී සිටීම ආදී කරුණු පිළිබඳව විශේෂ උපදෙස් මාලාවක් දඹුල්ල මහ නගර සභාව මගින් සෞඛ්‍ය අංශ ඒකරාශී වී සකසා ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.