ශ්‍රී ලංකාවේ නාම පුවරු සටහන් කිරීමේදී සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ලිවීම සාමාන්‍ය තත්ත්වයයි. කෙසේ වෙතත් ආරුවක්කාහි ක්‍රියාත්මක කරන කොළඹ නගරාශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය හැඳින්විමේ නාම පුවරුව සිංහල, චීන හා ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇතත් එහි දමිල නාමය සටහන්ව නොමැත.
මේ පිළිබඳව සමාජ මාධ්‍යතුළ දැඩි අවධානයක් යොමුව ඇති අතර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය යටතිනි.