සංචරණ සීමා අද අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග පළාත් තුළ සීමිත බස් ගමන්වාර සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම සේවා පවත්වාගෙන යාමට උපදෙස් දුන් බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියේය.
මේ අතර පළාත් තුළ දුම්රිය ගමන් වාර සිමීත සංඛ්‍යාවක් අද (21) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනවිරත්න සඳහන් කර සිටියේය .