මේ වනවිට දුම්රිය ධාවනයේ දී දුම්රිය ප්‍රමාදයක් තිබෙනවා. මගී ජනතාව මට දුරකතනයෙන් පවා කතා කර දන්වා තිබෙනවා ඇතැම් කාර්යාල දුම්රිය පවා විශාල ප්‍රමාදයක් තිබෙන බව. දුම්රිය ප්‍රමාදයට බලපා තිබෙන ප්‍රධානම හේතුව තමයි සේවකයින් 10,000ක පමණ හිගය. පසුගිය වසර 05ක කාලය තුළ විදිමත් පරිදි දුම්රිය සේවකයින් බඳවා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් මෙම හිගය ඇති වී තිබෙනවා යැයි විදුලිබල බලශක්ති හා ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද දින (06) පෙරවරුවේ වළස්මුල්ලේ දී පැවැති මහජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙහිදී ආබාධිත තැනැත්තන් සඳහා රෝද පුටු පරිත්‍යාග කිරීම මෙන්ම ගොවීන් සඳහා ගොවි උපකරණ ලබා දීම ද අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,
ඊයේ රාත්‍රී සිට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබුනා. ගරු අගමැතිතුමන් එම වෘත්තිය සමිති සමග සාකච්ඡා කර ඊට විසඳුම් ලබා දි තිබෙනවා. ඒ් සම්බන්ධයෙන් මම එතුමන්ට ස්තුතිය පළ කරනවා.
එම වෘත්තිය සමිති නියෝජිතයින් මාත් එක්ක දුරකතනයෙන් කතා කළා. ඒ් අය කියනවා එක් අමාත්‍යවරයෙක් කියා තිබෙනවාලු දුම්රිය රියදුරන් කොච්චියෙන් කුඩු අදින නිසා දුම්රිය ප්‍රමාද ඇතිවෙනවා කියළා. ඒ්ක තමයි වැඩවර්ජනයට යාමට හේතු වී තිබුනේ.
දුම්රිය රියදුරන් දුම්රියෙන් කුඩු අදිනවා කියළා කිසිම ආකාරයක පැමිණිල්ලක් අමාත්‍යවරයා වශයෙන් මටවත්, අමාත්‍යාංශයටවත් ලැබී නැහැ. කිසිදු ආරක්ෂක අංශයක වාර්තාවක් හෝ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා නැහැ. ඒ් නිසා දුම්රිය රියදුරන් හෝ වෙනත් සේවකයින් මේ වාගේ දේවල් කරනවා කියන්න සාක්කියක් මට ලැබී නැහැ.
දුම්රිය සේවය කාර්යක්ෂම කිරීමට නම් තවත් සේවකයින් 10,000ක් බඳවා ගත යුතුයි. මෙම මැතිවරණ අවසන් වූ වහාම අපි එම පුරප්පාඩුවලට කට්ටිය බඳවා ගන්නවා. ඒ් වගේම අපේ දුම්රිය පාරවල් නඩත්තු කරන්න, අඩු තරමින් බැද්ද කපන්නවත් අවශ්‍ය තරම් සේවකයින් නැහැ. සමහර ඈත දුම්රිය ස්ථාන පවත්වාගෙන යන්නේ බොහොම අමාරුවෙන්. සමහර ඒ්වා වහන්න වෙලා තිබෙනවා. යැයි අමාත්‍යවරයා සඳහන් කලේය.