කොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබා දි ඇත.
ඒ අනුව එම අරමුදලින් කොටසක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා දිප ව්‍යාප්ත විදුලි සංදේශ පද්ධතිය මිලදි ගැනිම සඳහා යෙදවිමට සැලසුම් කර ඇත. ඒ අනුව ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කම්ටුවේ නිර්දේශ පරිදි jv of Ms Dialog Axita PLC and Ms / Dialog Broadband Network ( pvt) ltd. වෙත ප්රදානය කිරිම පිණිස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.