නාවලපිටිය දුම්රිය ස්ථානයට ආසන්නයේ ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි දුම්රිය එන්ජිමක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු වලට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
මහනුවර සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය වු 142 මගි ප්‍රවාහන දුම්රියේ ඊලග ගමන් වාරය සදහා සුදානම් කිරිමට දුම්රිය මැදිරිවලින් එන්ජිම ගලවා ඉදිරියට ධාවනය කල අවස්තාවේ නාවලපිටිය ජයසුන්දරඕවිට ප්‍රදේශයේදි (11) දින දහවල් 12.30 ට පමණ පිලි පැනිමට ලක්විය.
පිලි පැනිමට ලක් වු දුම්රිය එන්ජිම පිලිගත කිරිමේ කටයුතු කඩිනමින් ආරම්භ කර උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය කටයුතු කර ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු පැවසිය.