දුම්රියේ වනඅලි ගැටීම වළක්වා ගැනීම සඳහා සිදුකරන වැඩපිළිවෙළෙහි පළමු වැඩපිළිවෙළ ලෙස එස්.එම්.එස්. පණිවුඩයක් මගින් දුම්රිය සේවකයන් දැනුවත් කිරීම අද (10දා) සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වනජීවී දෙපාර්තමේන්තුවෙන්, සාමාන්‍ය ජනතාවගෙන් හා දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන්ගෙන් ලබා ගන්නා තොරතුරු එස්.එම්.එස්. පණිවුඩයකින් බෙදාහරින බව දුම්රිය සමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඒ අනුව 070-4445454 අංකය යටතේ ජනතාවට, දුම්රිය සේවකයන්ට, වනජීවී නිලධාරීන්ට දුම්රිය මාර්ගයේ අලි ගැවසෙනවා නම් දැනුම් දිය හැකි බවත්, මෙම සේවාව පැය 24 පුරා ක්‍රියාත්මක බවත් අද (10දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.