දුම්බර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින රැදවි කාන්තාවක් මෙහෙයවන හොරෙයින් මත්කුඩු ජාලයකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් රුපියල් ලක්ෂ හතරකට ආසන්න වටිනා මත්කුඩු සමඟ ,අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
එම සැකකරුවන් සමග මත්කුඩු ග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් ,ජංගම දුරකථන 3 පොලිස් භාරයට ගෙන ඇත
කළුතර දකුණ පොලිස් වසමේ ගල් අස්ස හේන ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයකු මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සමග පයාගල මැහි මුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී එම පුද්ගලයන්ට මත්කුඩු ලබාදෙන ප්‍රධාන සැකකරු මත්කුඩු ග්‍රෑම් විස්සකට අධික ප්‍රමාණයක් සමග පයාගල පැරණි ගුවන්තොටුපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත් කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවට ලක්ව මේ වන විට ඩුබායි රටට පලාගොස් සිටින චාමර චතුරංග නොහොත් චූ කට්ටා නැමැත්තා මාර්ගයෙන් දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම් කාරියක් මෙම මත්කුඩු සපයන බවට වැඩිදුරටත් අනාවරණ බව පොලිස් නිලධාරී පැවසීය
අත්අඩංගුවට සැකකරුවන් වයස අවුරුදු 20 සහ 28 අතර පසුවන්නන් බව ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
බිමල් ශ්‍යාමන් ජයසිංහ