දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන් මගින් කෝවිඩ්-19 ව්‍යාප්තිය ශීඝ්‍ර ලෙස සිදුවන බවත්, එසේම ඔවුන් වෛරසය හේතුවෙන් මිය යෑමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමයේ අධ්‍යයන හා පර්යේෂණ කමිටුව නිගමනය කර තිබේ.
ඒ අනුව අවම වශයෙන් කෝවිඩ්-19 වසංගතය පහව යනතුරු සියලු දෙනා දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍ය බවද කමිටුව අවධාරණය කර ඇත.
එම කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ, ගත වූ වසර එකහමාරක කාලය තුළ විදෙස් රටවල සිදුකරනු ලබන ප්‍රජා මූලික පර්යේෂණ 16ක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.
ඒ අනුව දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම කෝවිඩ්-19 ව්‍යාප්තිය අවම කර ගැනීමට මෙන්ම වෛරසය ආසාදනය වීම හේතුවෙන් දරුණු සංකූලතා ඇති වීම වළක්වාගැනීමටද හේතු වන බව අදාළ පර්යේෂණයෙන් නිගමනය කර තිබේ.
එසේම එම පර්යේෂණ ප්‍රතිඵල අනුව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන්ගේ (අක්‍රීය දුම්පානය සිදුකරන පුද්ගලයන්) පෙනහළු රෝගී වීම් නිසා දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්ෂව කෝවිඩ්-19 නිසා ඇති වන සංකූලතා වැඩිය. එසේම රෝගය වැලඳුණහොත් මියයාමේ හැකියාව වැඩිය.
දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්ෂව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන්ට කෝවිඩ්-19 වැලඳුණු විට ඇති වන සංකූලතාවල තීව්‍රතාව වැඩිය.
දුම්පානය නොකරන හා සිගරට් දුමට නිරාවරණය නොවන පුද්ගලයන්ට සාපේක්ෂව දුම්පානය කරන්නන් හා සිගරට් දුමට නිරාවරණය වන්නන් මගින් කෝවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම ශීඝ්‍රව සිදුවේ.
මීට අමතරව මහජනතාව හා රජය ඇතුළු සියලු පාර්ශ්වවල ක්ෂණික අවධානයට ලක් විය යුතු නිර්දේශ කිහිපයක්ද පර්යේෂණය අවසානයේ පර්යේෂණ කණ්ඩායම විසින් දක්වා තිබේ.
ඒ අනුව අවම වශයෙන් කෝවිඩ්-19 වසංගතය පහව යනතුරු සියලුදෙනා දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍ය අතර, එමගින් රෝගය ව්‍යාප්ත වීම අඩු කරගැනීමට මෙන්ම රෝගය නිසා දරුණු සංකූලතා ඇති වීම වළක්වාගත හැකි බව එහි දක්වා තිබේ.
කෝවිඩ් ආසාදිත පුද්ගලයන්, නිරෝධායනයට ලක්ව සිටින අය හා කෝවිඩ්-19 නිවාරණ ඉදිරි පෙළ කණ්ඩායම් දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් වැළකීම අත්‍යවශ්‍යය.
තවද නිරෝධායනයට ලක් වූ නිවෙස්වල අයවලුන් හා ආශ්‍රිතයන් දුම්පානයෙන් හා සිගරට් දුමට නිරාවරණය වීමෙන් (අක්‍රීය දුම් පානයෙන්) වැළකීම අත්‍යවශ්‍ය බවද අදාළ නිර්දේශවල දැක්වෙයි.