දුම්පානය හේතුවෙන් ලෝකය තුළ මිලියන 08 වැඩි පිරිසක් වසරකට මියයන අතර , දුම්පානයෙන් ඉවත්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුම්පානය හේතුවන සිදුවන මරණ අතරින් මිලියන 07 වැඩි පිරිසක් සෘජු ලෙස දුම්පානයට සම්බන්ධ පුද්ගලයන් වන අතර මිලියන 1.2 ට වැඩි පිරිසක් දුම්පානය නොකළද දුම්පානය කරනන් අසළ සිටීම හේතුවෙන් (දෙවැනිවරට දුමාරයට නිරාවරණය වීමෙන්) මිය යන්නන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
නිවේදනයන් නිකුත්තරමික් ලෝක සෞඛ්‍ය සංවිධානය මේබව ප්‍රකාශ කර ඇත.
බොහෝ ශ්වසන ආබාධ සඳහා දුම්පානය ප්‍රාධන සාධයක් බව හොඳින් හදුනාගෙන ඇති කරුණක් වන අතර එය ශ්වසන රෝගවල බරපතලකම වැඩිකිරීමටද හේතුවන බව හදුනාගෙන ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.
දුම්පානය නොකරන පුද්ගලයින්ට සාපෙක්ෂව දුම්පානය කරන පුද්ගලයින්ට කෝවිඩි-19 සමග දරුණු රෝග ඇතිවීමේ හැකියාව බෙහෙවින් වැඩිබව , ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඉල්ලීම මත ප්‍රාජා සෞඛ්‍ය විශේෂඥයින් විසින් පසුගිය මාසය තුළ සිදුකළ අධ්‍යනයකදී හෙළිවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත