කොවිඩ්-19 වසංගතය සමග දුම්පානය කරන්නන්ට දරුණු රෝග ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක මෙසේ අනතුරු අඟවා ඇත. පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද මහජන සෞඛ්‍ය විශේෂඥයන් විසින් කරන ලද අධ්‍යයනයන්ගෙන් හෙළි වී තිබුණේ දුම්පානය නොකරන අයට සාපේක්ෂව දුම් පානය කරන්නන් කොවිඩ්-19 සමඟ දරුණු රෝග ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ දුම්පානය පෙනහළු ක්‍රියාකාරිත්වයට බාධාවක් වන අතර, ඒ හේතුවෙන් ශරීරයට කොරෝනා වෛරස් හා වෙනත් රෝග සමග සටන් කිරීමට අපහසු වන බවයි.
සාමාන්‍යයෙන් සලකා බැලූවද, දුම්කොළ හෝ දුම්පානය බොහෝ ශ්වසන ආසාදන සඳහා දන්නා අවදානම් සාධකයක් වන බවත්, ශ්වසන රෝගවල බරපතලකම වැඩිකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.