ප්රජාතන්ත්රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්‍රියාදාමය හැදින්වෙන අතර දුමින්ද සිල්වා මහතාට ලබාදුන් විශේෂ ජනාධිපති සමාව තුළින් වර්තමානයේ ශ්‍රී ලංකාවේ නීතියේ ස්වාධිපත්‍ය පමණක් නොව ස්වාධීනත්වයද අභියෝගයට ලක්ව ඇති බව පහැදිලි වන බව සමගි ජන බලනේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජනබලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එහි සඳහන් කර ඇත.
ජනාධිපතිවරයා දුන් මෙම වැරදි පූර්වාදර්ශය තුළින් රටේ අනාගතය අනතුරකට හෙළා ඇති බවත් එබැවින් වහාම මෙම නියෝගය හකුළා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් විනිසුරුවරුන්ගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බල කරන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම නිවේදනයේ සඳහක් කර ඇත.
“ප්රජාතන්ත්රවාදි පාලනය තුළ වැදගත්ම සාධකය ලෙස රටක අධිකරණ ක්රියාදායම හැදින්වේ ශ්‍රීලංකාවේ නීතියේ ස්වාධීපත්‍ය පමණක් නොව ස්වාධීනත්වයද අභියෝගයට ලක්ව ඇති බව දුමින්ද සිල්වාට ලබාදුන් විශේෂ ජනාධිපති සමාව තුලින් පැහැදිලිවේ.
එකි සමාව ලබා දීමට ජනාධිපතිවරයා නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇද්දැයි නීතිඥ සංගමය නගන ප්‍රශ්න තුලින් ගැටලුවක් ද පැනනගි.
වර්තමානයේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ ආණ්ඩුව නම් මම යැයි සිතමින් බව පෙනේ. පාර්ලිමේන්තුව අධිකරණය තමාට රිසි පරිදි ක්‍රියා කලයුතු බව එතුමාගේ ක්‍රියාදාමයන් තුලින් පෙන්නුම් කෙරේ.
මෙය රටේ ප්රජාතන්ත්රවාදි පාලනයට බරපතල අනතුරකි. දැනටමත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රීලංකාවේ මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න කරමින් සිටි. යුරෝපා සංගමය පසුගියදා සම්මත කළ යෝජනාව තුල රටේ අනාගත ආර්ථිකයද විශාල අභියෝගයකට ලක්ව තිබේ. දේශපාලන පලිගැනීම් පිලිබද ජනාධිපති කොමිසම යනුවෙන් අපකීර්තිමත් කොමිසමකින් නිර්දේශයන් ලබාගනිමින් අධිකරණය ලබාදුන් තීන්දු වෙනස්කිරිමට නීතිපතිතුමාට බලපෑම් එල්ල කොට තිබේ. අමාත්‍ය මණ්ඩලය හරහා අධිකරණ තීන්දු වෙනස්කරලිමට උත්සාහ දරයි.
මෙවැනි ක්‍රියාකාරකම් තුලින් පැහැදිලි වන්නේ රටේ නීතියක් හෝ ශීලාචාර පැවැත්මක් නොමැති තැනකට රට ගෙනයන බවයි.
ත්‍රිපුද්ගල මහාධිකරණයක් මගින් නියමකල දඩුවමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඇතුළු පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් මගින් තහවුරුකල දඩුවමක් මෙලෙසට විධායක බලය යොදා වෙනස් කරන්නෙනම් පැහැදිලිවම එය රටේ යහපාලනය පිලිබදව ප්‍රශ්නයක් ඇති කරන්නකි.
මෙම සිදුවිම ඉතාමත් සංවිධානාත්මකව සිදුකල බව නොරහසකි. දේශපාලන පලිගැනීමේ කොමිසමට කිසිසේත් අදාළ නොවන දුමින්ද සිල්වාගේ නඩුකරය කොමිසමේ කාර්ය අවසන්වන මොහොතේ බාරගැනීමත් ඒසා බරපතල තීන්දුවක් දේශපාලන පලිගැනීමකට ලඝුකිරිමට කටයුතු කිරිම මෙම තීන්දුව දුන් එවකට කටයුතුකල අගවිනිසුරුතුමා ඇතුළුවිනිසුරුතුමන්ලාටද කල අපහාසයකි.
දුමින්ද සිල්වාට සමාව ලබාදෙන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමද මෙම නිර්ලජ්ජිත තීරණය ගැනීමට පසුබිම සැකසිමක් බව පැහැදිලිවේ.
රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපය දිනෙන් දින පිරිහීමට ලක්කරන ආණ්ඩුව මෙම ක්‍රියාව තුලින් ශිෂ්ඨ සම්පන්න ලෝකයෙන් අපගේ මාතෘභුමිය තවදුරටත් හුදකලාකරනු ඇත.
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට මේ රටේ ජනතාව බලය ලබාදුන්නේ නීතිය තමාට ඇවැසි ලෙස භාවිතා කිරිමට නොවේ.
දුමින්ද සිල්වාට එල්ල වුයේ මිනිමැරුම් චෝදනාවකි. එම මිනිමැරීම තුල වින්දිත පාර්ශ්වයක් දසිටි. ආණ්ඩුව තමාගේ දේශපාලන හිතවතාට සමාව දෙමින් සිදුකරනුයේ වින්දිතපාර්ශ්වයන්ට නීතියෙන් ලබාදුන්සාධාරණත්වය අහිමි කිරිමයි. මෙවැනි සිදුවිම් සිදුවිය හැක්කේ ගෝත්‍රික වැඩවසම් වහල් පාලනයක් තුල පමනි.
තමාට ව්‍යවස්ථාවෙන් හිමි බලයක් ජනාධිපතිවරයා විසින් අයුතු ලෙස භාවිතා කිරිම සමගි ජනබලවේගය ඉමහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ජනාධිපතිවරයා දුන් මෙම වැරදි පූර්වා දර්ශය තුලින් රටේ අනාගතය අනතුරකට හෙලා ඇත. එබැවින් වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ස්වාධීපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරමු.”