දෙමටගොඩ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේදී ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරිම පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
එසේම එම ස්ථානයේ විමර්ශන කටයුතු සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, නිල සුනඛ අංශය හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද යොදවා ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.