දකුණු පළාතේ, දෙබරවැව රෝහලේ (තිස්සමහාරාම මූලික රෝහල) වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
'අදට' ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එහි බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනිම සඳහා දිනකට 450-500ක් පමණ රෝගීන් පැමිණෙන බවයි.
"වෛරස් උණ පැතිර යන විට දකුණු පළාතේ බෙහෙත් හිඟයක් තිබුණා. දැන් දෙබරවැව රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයක් තිබෙනවා. දෙබරවැව රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනිම සඳහා දිනකට රෝගීන් 450ක් 500ක් පමණ පැමිණෙනවා. රෝහලේ වෛද්යරුවරුන් 6ක් විභාග සමත්වී ඉන් පිටවීම හා තවත් වෛද්‍යවරු දෙදෙනෙක් පුද්ගලික වෛද්‍ය සේවා වෙනුවෙන් ඉවත්වීම හේතුවෙන් මෙම වෛද්‍ය හිඟය නිර්මාණය වී ඇති බව වාර්තා වෙනවා.
අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනයන්හිදී මෙහි සායනික සැසි පැවැත්වෙනවා. නමුත් වෛද්‍යවරුන්ගේ හිඟය එම සායනික සැසි සඳහාත් බලපෑමක් එල්ල වී තිබෙනවා. නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරනවා යැයි පවසන ආණ්ඩුවට මේ වන විට රෝහලක වෛද්‍ය හිඟය සම්පූර්ණ කිරීමටත් නොහැකි වී තිබෙනවා.
වෛද්‍යවරු ඉවත්වූ විට නව වෛද්‍යවරුන් යෙදවීම ආණ්ඩුවේ වගකීමයි. ජනතාව පත්ව තිබෙන ගැටලු කාරී තත්ත්වයට සෞඛ්‍ය අැමති මැදිහත්වී වහා පිළිතුරු ලබාදිය යුතුයි. මේ පිළිබඳව රටේ නායකයන්ගේත් අවධානය යොමුවිය යුතුයි. "