බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ අභාවයෙන් පසුව කරළියට පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්වලට අදාළ විමර්ශනයක් සඳහා බොලිවුඩයේ ඉහළම තරුවක් වන දීපිකා පදුකෝන් එරට මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකය විසින් ප්‍රශ්න කර තිබේ.
34 හැවිරිදි පදුකෝන් සෙනසුරාදා මුම්බායි හි මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයේ කාර්යාලයට පැමිණියේ මේ සතියේ මුලදී ලැබුණු කැඳවීමකට අනුවය. ඒ වනවිට ඇය ගෝවාහි බටහිර වෙරළ නිවාඩු නිකේතනයේ රූගත කිරීමක සහභාගී වෙමින් සිටි බව කියැවේ. එසේම පසුගිය සිකුරාදා පදුකෝන්ගේ කළමනාකාරු වන කරිෂ්මා ප්රකාශ්ගෙන්ද ප්‍රශ්න කර තිබුණි. කෙසේ වෙතත් පදුකෝන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බව මාධ්‍ය වාර්තා පවසයි.
34 හැවිරිදි රාජ්පුත්ගේ මරණයෙන් පසු ඉන්දීය බලධාරීන් විසින් බොලිවුඩ් මත්ද්‍රව්‍ය විමර්ශනය ආරම්භ කරන ලද අතර, ඔහුගේ සිරුර ජුනි මාසයේ මුම්බායි නිවසේදී හමුවිය. ඒ අනුව මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මත්ද්‍රව්‍ය ජාල සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකකෙරෙන බොල්වුඩ් වෘත්තිකයන් දුසිමකට වඩා වැඩි පිරිසක් බලධාරීන්ගේ ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබේ.
අවම වශයෙන් තවත් බොලිවුඩ් නිළියන් තිදෙනෙකු වන සාරා අලි ඛාන්, ශ්‍රද්ධා කපූර් සහ රකූල් ප්‍රීත් සිං ද මත්ද්‍රව්‍ය විමර්ශන ඒකකයට කැඳවා තිබේ.