අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 14,022 ක් ඉදිකිරීමේ “ගමට ගෙයක් - රටට හෙටක් ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක ජාතික උත්සවය ගරු අග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 01 දින පෙරවරුවේ කුරුණෑගල, ගිරිබාවේදී පැවැත්වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඵලදායී පුරවැසියෙක් සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සදහා සෑම පවුලකටම සුව පහසු ස්ථීර නිවසක් අත්කර දීම තුළින් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සහතික කර ඇත. එම අරමුණ වෙත ලගා වීමේ පළමු පියවර ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පය සහ මාර්ගෝපදේශකත්වය මත 2020 වසර තුළ දිවයිනේ අඩු ආදායාම්ලාභී පවුල්වල නිවාස ගැටලුව සම්පූර්ණයෙන්ම විසදීමේ අරමුණින් “ගමට ගෙයක් - රටට හෙටක් ” නිවාස 14,022 ක් ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගෙන ඇත .මේ යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමක් නියෝජනය කරමින් තෝරාගනු ලබන අඩු ආදායම්ලාභී පවුලක් සදහා එක් නිවසක් බැගින් ඉදිකෙරෙන අතර එම නිවාස ඉදිකිරීමේ කටයුතු දින 60 ක් තුළ අවසන් කිරීමට නියමිත වේ.
මෙම ව්‍යාපෘතිය සදහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 8413.2 ප්‍රතිපාදන නිවාස අමත්‍යාංශය සදහා වෙන්කර ඇත. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2011 වර්ෂයේදී සිදු කරන ලද ජන හා නිවාස සංගණනයට අනුව දළ වශයෙන් ශ්‍රී ලංකාව තුළ නිවාස අවශ්‍යතාවය 455,000 ක් වන අතර වැඩි දියුණු කළ යුතු නිවාස සංඛ්‍යාව 534,000 කි. එම පවුල් අතරින් බහුතරයක් දිළිදු හෝ අඩු ආදායම්ලාභී පවුල් වේ. පොල් අතු සහ තල් අතු සෙවිළි කළ තාවකාලික නිවාස 2020 වසරේදී මෙරටින් ඉවත් කිරීම සදහා ඉලක්කගත වැඩසටහනක් ලෙස නිවාස සංවර්ධන වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
හිසට සෙවණක් නොමැතිව මෙරට ජීවත් වන දුගී දුප්පත් පවුල් එම දුගී භාවයෙන් මුදවා ගැනීමේ ප්රමුඛ පියවරක් ලෙස “ගමට ගෙයක් - රටට හෙටක් ” නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ. පසුගිය රජය සමයේදී මෙරට දුගී දුප්පත් ජනතාවගේ නිවාස ගැටලුවලට විසඳුම් ලබා දීමේ නිවාස සංවර්ධන වැඩපිළිවෙල අතිශයින්ම මාධ්‍ය හරහා ප්‍රචාරණයක් ලබා ගැනීමට පමණක් සීමා විය. පසුගිය රජය ජනතාවට නොමිලේ නිවාස ලබා දෙන බවට ඇතැම් මාධ්‍ය හරහා විශාල වශයෙන් ප්‍රචාරණයක් ගෙන ගිය නමුත් ජනතාවගේ සැබෑ නිවාස ගැටලුවලට විසඳුම් හිමි වූයේ නැත. පසුගිය රජය තම දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීම සදහා ජනතාවට නොමිලේ නිවාස ලබා දෙන බව පෙන්වමින් මෙරට දුගී දුප්පත් ජනතාව තව තවත් ගැටලු රැසකට මැදිකොට මේ වන විට ඔවුන්ව අන්ත අසරණ තත්ත්වයකට පත්කොට ඇත. එම තත්ත්වය පිළිබදව වත්මන් රජයේ විශේෂ අවධානය යොමු කර ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍යතුමන්ගේ සංකල්පයක් මත නිවාස රාජ්‍ය අමාත්‍යතුමාගේ මෙහෙයවීමෙන් අඩු ආදායම්ලාභී ජනතාවගේ නිවාස ගැටලුවලට සැබෑ ලෙසම ස්ථීර විසදුම් ලබා දීම සදහා මෙම වැඩසටහන නිර්මාණය කර ක්‍රියාවට නංවනු ඇත.
“ගමට ගෙයක් - රටට හෙටක් ”නිවාස සංවර්ධන වැඩසටහනේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම නිර්ණායක කිහිපයක් යටතේ සිදු වන අතර ඒ සදහා සුදුස්සන් තෝරා ගැනීමේ දී දේශපාලන හෝ වෙනත් හේතුන් කිසිදු සුදුසුකමක් ලෙස නොසැලකේ. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රතිලාභීන් තෝරා ගැනීම සිදු කරන අතර ප්‍රජා සහභාගීත්වයෙන් සහ ශ්‍රම දායකත්වය ඇතිව සාමූහිකව කටයුතු කිරීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙහි ප්‍රතිලාභීන් තෝරා ගැනීම, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර, පවුල් සෞඛ්‍යනිලධාරීන් සහ ග්‍රාමීය ප්‍රජාවගෙන් සමන්විත කමිටුවක් මගින් සිදු කෙරේ. එම ප්‍රජා කමිටුව පූජ්‍ය පක්ෂය ඇතුළු ආගමික නායකයින්, ප්‍රජා කටයුතු සදහා දායක වන පිරිස්, විශ්‍රාමික රාජ්‍ය සේවකයින්, කාන්තා නියෝජනය යන අංශ වලින් සමන්විත වේ.
ප්‍රතිලාභීන් තෝරා ගැනීම පහත නිර්ණායකයන් යටතේ සිදු කෙරේ. ස්ථීර පදිංචිය ලබා ඇති නමුත් ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම්ලාභී පවුලක් වීම, කාන්තා මූලික පවුලක් වීම, ආබාධ සහිත පුද්ගලයින් සිටීම සහ දිගුකාලීන නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින්ගෙන් සමන්විත වීම සහ නිවසක් තනා ගැනීමේ අභියෝගයට මුහුණ පා සිටින පවුලක් වීම, යැපෙන්නන් වැඩි සංඛ්‍යාවක් සිටින සහ පාසල් යන වයසේ දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින පවුලක් වීම, පාරම්පරික දේපළ හෝ වත්කම් හෝ භාරයන් සදහා හිමිකම් නොතිබීම යන නිර්ණායක සදහා ප්‍රමුඛත්වය හිමිවේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය ග්‍රාම නිලධාරී මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සිදු වේ. තෝරා ගන්නා ප්‍රතිලාභීන්ගේ නාම ලේඛණය කමිටුවේ පොදු එකගතාවය පරිදි නිසි ප්‍රමුඛතාවය සටහන් කරමින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත ඉදිරිපත් කිරීම සදහා අදාළ ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කිරීම ග්‍රාම නිලධාරී විසින් සිදු කරනු ලැබේ. ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන නිර්දේශ සදහා අවශ්‍ය අනුමැතිය ලබාදීම පිණිස ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශීය නිවාස කමිටු රැස්වීමේදී ප්‍රමුඛතාගත කරන නාම ලේඛණය සදහා අනුමැතිය ලබා ගැනේ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිගේ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මනා විනිවිදභාවයෙන් යුතුව දිස්ත්‍රික් නිවාස කමිටුව හරහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරුවන් විසින් සිදු කරනු ලබයි. මෙම වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකරු විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සහ දිස්ත්‍රික් නිවාස කමිටුවේදී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී සිදු කෙරේ. ජාතික මට්ටමෙන් ප්‍රගතිය වාර්තා කිරීම සිදුකරනු ලබන අතර දිස්ත්‍රික් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ සහයෝගය ලබා ගනිමින් මෙම නිවාස වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරින් වෙත පැවරේ.
තොරාගනු ලබන සෑම අඩු ආදායම්ලාභී පවුලක් සදහාම එක් නිවසක් සදහා උපරිම වශයෙන් රුපියල් ලක්ෂ 6 ක නිවාස ආධාරයක් ප්රදානය කෙරේ. එම අධාර මුදල නිවාස ඉදිකිරීමේ ප්‍රගතිය මත අදියර 5 ක් යටතේ ලබා දීමට නියමිතය. පළමු අදියර යටතේ අත්තිවාරම නිම කිරීම සදහා රුපියල් ලක්ෂයක මුදලක්ද, දෙවන අදියර යටතේ ලින්ටන් මට්ටම දක්වා නිම කිරීම සදහා රුපියල් ලක්ෂයක්ද, තුන්වන අදියර යටතේ වහල මට්ටම දක්වා බිත්ති අවසන් කිරීම හා දොර ජනෙල්රාමු සකස් කිරීම දක්වා රුපියල් ලක්ෂයක්ද, සිවුවන අදියර යටතේ වහල නිම කිරීම සදහා රුපියල් ලක්ෂ දෙකක් සහ පස්වන(අවසන්) අදියර යටතේ නිවසේ කපලාරු සිදු කිරීම සහ සිමෙන්ති දමා වැඩ අවසන් කිරීම සදහා රුපියල් ලක්ෂයක් ලෙස වාරික වශයෙන් චෙක්පත් මගින් ලබා දෙන අතර දින 60 ක කාලයක් තුළදී නිවසේ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කෙරේ.
නිවාස ඉදිකිරීම සදහා සුදුසු නිවාස සැලසුම් සකස් කිරීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරේදේශ මත සිදුවේ. රුපියල් ලක්ෂ 6 ක ප්‍රතිපාදන සීමාව තුළ පිරිවැය කළමනාකරණය කරගත හැකි වන පරිදි සෑම නිවසක්ම වර්ග අධි 550 ක උපරිම වපසරියකට යටත්ව සැලසුම් කරනු ඇත. ඉදිකරනු ලබන සෑම නිවසක්ම අවම වශයෙන් මුළුතැන්ගෙයක්, සාලයක්, නිදන කාමරයක් සහ වැසිකිළියකින් සමන්විත වේ. නිවාස ඉදිකරන භූමිය තුළ ගෙවතු වගා සහ රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ. ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතාවය මත නම්‍යශීලීව නිවාස ඉදිකර ගැනීම සදහා තාක්ෂණික ක්‍රමවේදය සහ උපදෙස් නිසි පරිදි ලබා දීම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
ජනතාවගේ නිවාස ගැටලුවලට ස්ථීරසාර විසදුම් ලබා දීම සදහා ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජයේ වගකීම අකුරටම ක්‍රියාවට නංවමින් ඉන්දික අනුරුද්ධ නිවාස රාජ්‍ය අමත්‍යතුමාගේ මෙහෙයවීම මත ප්‍රථම පියවර වශයෙන් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් එක් දිනක් තුළ නිවාස 14,022 ක් ඉදිකිරීම ආරම්භ කිරීමේ “ ගමට ගෙයක් - රටට හෙටක් ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහනේ සමාරම්භක ජාතික උත්සවය එළඹෙන පෙබරවාරි මස 01 වෙනි සෙනසුරාදා දින පෙරවරුවේ කුරුණෑගල, ගිරිබාවේදී පැවැත්වේ.