ඉදිරි දින 20ක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ගබඩා කර ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම එළඹෙන ජුනි මස දක්වා අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ඇනවුම් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
ඊයේ දින (23) ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණි අතර තවත් ඉන්ධන රැගත් නෞකා දෙකක් මේ මස 30 හා 31 යන දෙදින තුළ පැමිණීමට නියමිතය. ඒ අනුව අද උදෑසන වන විට ප්‍රදේශ 5ක් වෙත ඉන්ධන රැගත් දුම්රිය 5ක් යැවීමට අමාත්‍යාංශයෙන් කටයුතු කළ බවද කියා සිටියි.
ඒ අනුව පෙට්‍රල් සහා ඩීසල් ටොන් 82,500 ක් රැගත් දුම්රියක් පේරාදෙණිය වෙත යැවූ බවත්, ඩීසල් හා පෙට්‍රල් ටොන් ලක්ෂ 4ක් උතුරු හා උතුරු මැද පළාත් තුළ බෙදා හැරීම සඳහා යවා තිබේ. ඊට අමතව තවත් ඩීසල් හා පෙට්‍රල් ටොන් 40,000ක් රැගත් දුම්රියක් මඩකලපුවට යවා ඇත. ගුවන් යානා ඉන්ධන ටොන් 2ක් කටුනායක ගුවන් තොටුපළටද සපයා තිබේ.
ඒ අනුව රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවද අමත්‍යංශ පැවසීය.