ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම අනුව ගෙවුණු අවසන් පැය 24 තුළ නව ආසාදිතයන් 25,072ක් අද (23දා) වාර්තා කර ඇති අතර, එය දින 160ක් තුළ කොවිඩ්-19 වසංගතය තුළ අඩුම දෛනික ආසාදන වාර්තා වූ දිනය බව සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම නව දෛනික ආසාදන සමග එරටින් වාර්තා වූ සමස්ත ආසාදිත අගය 32,449,306 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊට අමතරව, ඉරිදා උදෑසන සිට වසංගතය හේතුවෙන් මරණ 389ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 434,756ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර සක්‍රීය රෝගීන් 333,924ක් රට තුළ සිටින අතර, සමස්තයක් ලෙස පුද්ගලයන් 31,680,626දෙනෙකු සාර්ථකව සුව වී රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, රෝගය සුවවීමේ අනුපාතය 97.63%ක් දක්වා ඉහළ ගිය අතර, එය 2020 මාර්තු මාසයෙන් පසු ඉහළම අගයයි.