දින දෙකක් පුරා පාළු ළිඳකට වැටි සිටි වනඅලියකු ඊයේ (15 ) දින රාත්රියේ ගොඩ ගැනිමට වනජීවි නිලධාරින් කටයුතු කළ බව පැවසේ.
කරුවලගස්වැව තබ්බෝව පන්සල් හංදිය ආසන්නයේ ඉඩමක අතහැර දැමු පාළු ළිඳකට වනඅලියා වැටි සිටි ඇති අතර නිවැසියන් කිසියම් අවශ්යතාවයකට ඉඩම පිටුපස ගමන් කිරිමේදි ළිදේ වැටි සිටිනු දැක ගත හැකි විනි.
වනජීවි නිලධාරින් පවසන්නේ මෙම වනඅලියා දින දෙකක් ළිදේ වැටි සිටිම නිසා ආහාර සහ ජලය නොමැතිව දැඩි ලෙස අඩපණ වි සිට ඇති බවයි.
අලියා ළිදේ වැටි සිටිනු දැක කම්පාවට පත්වු ජනතාව නිරාහාරව සිටි අලියාට කෙසෙල් කදන් හා වෙනත් දෑ රැගෙන එම දැක ගත හැකි විනි. එසේම ජලය රැගෙන විත් සිරුරට විසි කිරිමද දැක ගත හැකි විනි.