දින දෙකකට වඩා උණ පවතිනවා නම් ඉක්මණින්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.
ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් මියයෑමේ වැඩි අවදානමක් මේ දිනවල මතුව ඇති බව නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
“මැයි සිට සැප්තැම්බර් දක්වා ඩෙංගු රෝගය ඉස්මතුවීම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වන දෙයක්. ඩෙංගු කොවිඩ් වගේ නෙමෙයි. මීටරේ දුර තියාගෙන බේරෙන්න බෑ. මේක ඊට වඩා වේගයෙන් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඩෙංගු තත්ත්වය වළක්වාගන්න සියලු කටයුතු කරන්න. දින දෙකකට වඩා උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්.