මධ්‍යම හා ආසන්න ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල කැළඹිලි තත්ත්වය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති හෙයින් එය ඉදිරි පැය 24 තුළදී පීඩන අවපාතයක් දක්වා වර්ධන වෙමින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වයඹ දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියේ බලපෑම් හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය ඉදිරි දිනවලදී (08දා, 09දා හා 10දා) තවදුරටත් වර්ධනය වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, වයඹ, මධ්‍යම හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ තද වැසි, අකුණු හා ගිඟුරුම් පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයේ දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවත් බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් මිට මිලි මීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.