කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 6.45ට ධාවනය වූ අංක 1001 (දෙනුවර මැණිකේ) දරණ දුම්රිය ඔක්තෝබර් 08 දා සිටද බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව. 8.00ට ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය ඔක්තෝබර් 09 දා සිට එම වෙලාවටම දිනපතා ධාවනය වෙයි.
දුම්රිය මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) වී.එස්. පොල්වත්ත මහතා දැනුම් දුන්නේ මෙම දුම්රියන්හි කලින් ආසන වෙන් කිරීමේ පහසුවද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සලසා ඇති බවයි.