දැනුම පදනම් කරගත් ආර්ථිකයකට රට ගෙන යාම සඳහා තරුණ පරපුරට සහ වියතුන්ට සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සමගි ජන බලවේගයට ඉදිරි දින කිහිපයේදී තවත් පක්ෂ සහ පුද්ගලයන් එක්වීමට නියමිත බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.