සමස්ත මරණත් 8000 සීමාව ඉක්වයි
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී කොවිඩ් මරණ 209ක් වාර්තා වී තිබේ. මේ අනුව මෙරට එක්දිනක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි.
මෙම මරණ 209 ඊයේ දිනයේදී තහවුරු කර තිබේ. එම මරණ 209ත් සමගින් ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8157 දක්වා ඉහළ ගියේය.
ඊයේ දිනයේදී වාර්තා වූ මරණ අතරින් මරණ 163ක් අවුරුදු 60ට වැඩි අය වෙයි. අවුරුදු 30 හා 59 අතර මරණ 46ක් වාර්තා වී තිබේ. පිරිමින් 108ක් හා කාන්තාවන් 101ක් මෙසේ කොවිඩ් සටනින් පරාජය වී තිබේ.