සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වසරකට 500 - 600 ත් අතර ප්‍රමාණයක් උපත් අබාධ නිසා කුස තුළම මිය යන බවත් උපත් අබාධ ඇතිව ජීවත්වන්නන් ද ජීවිත කාලය පුරාම අබධිතව කල් ගෙවන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ලෝකය පුරා මිලියන 8 ක් පමණ පුද්ගලයින් උපත් ආබාධ නිසා පීඩා විඳින අතර බිළිඳු මරණ වලින් 11% කට ද, කුස තුළ මියයන දරුවන්ගෙන් 10% කට ද හේතු වේ. මෙම දරුවන්ගෙන් 90% කටත් වඩා සිටිනුයේ අඩු සහ මධ්‍යම ආදායම් රටවලය.