කොරෝනා ආසාදිතයින්ට ලබාදීම සඳහා සතියකට ඔක්සිජන් ටොන් 300ක් බැගින් ඉන්දියාවෙන් මෙරටට රැගෙන ඒමට තීරණය කර ඇති බවත් මේ දිනවල දිනකට කොරෝනා ආසාදිතයින්ට ඔක්සිජන් ටොන් 140 ක් ලබා දිය යුතු බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියි.
කොරෝනා ව්‍යාප්තිය සිදුවීමට පෙර මෙරට රෝගින් සඳහා ඔක්සිජන් ටොන් 20 ක් ප්‍රමාණවත් වූ බව වෛද්‍ය සමන් රත්නායක මහතා පවසා සිටියේය.