පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංවාරයක් සඳහා එළැඹෙන 23දා ශ්රී ලංකාවට පැමිණිමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
අග්රාමාත්යවරයා දිවයිනට පැමිණීමෙන් අනතුරුව ජනපති, අගමැති ඇතුළු රටේ ඉහළම නායකයන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්විමට නියමිතව තිබේ.
ඔහු 24 දා පාර්ලිමේන්තුවට පැමිණීමටත් නියමිත අතර ක්රීඩා ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට මෙන්ම වෙළඳ හා ආයෝජන සමුළුවටද ඔහු එක්වීමට නියමිතව තිබේ.