නව කොරෝනා වෛරසය හමුවේ එක්සත් ජනපදය හා බොහෝ යුරෝපා රාජ්‍යයන් සිදුකළ මධ්‍යස්ථ ලොක්ඩවුන් පියවරයන්ට වඩා කෙටි කාලයක් තුළ දැඩි අගුලු දැමීමේ පියවර ආර්ථිකයන්ට වාසිදායක බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
කෙටි කාලීන නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන් ව්‍යාපාරවලට එතරම් අපහසු නොවන බව නේචර් හියුමන් බිහේවියර් සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනය පවසයි.
එනම් ලිහිල් අගුලු දැමීමේ පියවරයන් අනුගමනය කිරීමෙන් මූලිකව ආර්ථිකයට එතරම් හානියක් සිදු නොවන බව පෙනුනත්, යම් ලෙසකින් දෙවැනි රැල්ලක් ඇති වුවහොත් රට යළි ලොක්ඩවුන් කිරීමට සිදුවන නිසා ඉන් ආර්ථිකයට සිදුවන හානිය වැඩිබව චීනයේ සිංහුවා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ඩබෝ ගුවාන් නායකත්වයෙන් යුතු කණ්ඩායම සොයා ගෙන තිබේ.
"අගුලු දැමීමේ සැබෑ පිරිවැය පුරෝකථනය කිරීම මේ අවස්ථාවෙහිදී කළ නොහැකියි. අපගේ පර්යේෂණයන් පෙන්වා දෙන්නේ කෙටි, නමුත් දැඩි ලොක්ඩවුන් පියවරයන්ගෙන් සැපයුම් දාමයන්ට ඇති බලපෑම අවම කරන බවයි. එසේම වසරක් තුළ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම, සීමාවන් ඉක්මණින් ඉවත් කිරීම හා තවත් අගුලු දැමීමකට වඩා බාධා අඩු කළ හැකි බවයි" ගුවාන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.