ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව දුගී රටවලට වැඩි එන්නත් ප්‍රමාණයක් ලබාදෙන ලෙස රාජ්‍යයන් සහ ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා සිටියේය.
කොවිඩ්-19 වසංගතය එන්නත් බෙදාහැරීමේ අපකීර්තිමත් අසමානතාවක් දිගින් දිගටම පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සෞඛ්‍ය අමාත්‍ය රැස්වීම අමතමින් අධ්යක්ෂ ජනරාල්වරයා රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේ සැප්තැම්බර් මාසය වනවිට සියලුම රටවල ජනගහනයෙන් 10%ක් එන්නත් කිරීම සහ වසර අවසාන වනවිට 30% ක් එන්නත් කිරීම සඳහා COVAX යාන්ත්රණයට එන්නත් මාත්‍රා ලබාදෙන ලෙසයි.
ඒ අනුව එන්නත් පරිමාවෙන් 50%ක් මේ වසරේ COVAX සඳහා කැප කරන ලෙස ටෙඩ්රොස් එන්නත් නිෂ්පාදකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.