පසුගිය ආණ්ඩුව සමයේදී ජනපති පැවැසූ දේ අගමැති නොකළ බවත් අගමැති කියන දේ ජනපති නොකළ බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසිය.
දෙපාර්ශ්වයම උකුස්සෝ වෙන්න උත්සාහ කළ බවද කුරුණෑගල හිරිපිටියේ පැවැති උත්සවයක් අමතමින් අගමැතිවරයා පැවැසීය.
“පාර්ලිමේන්තුව හා ජනපතිවරයා අතර වෙනසක් ඇතිවුණොත් ඒ වෙනසේ අවසාන ප්රතිඵලය වෙන්නේ ජනතාවට කිසි වැඩක් කෙරෙන්නේ නැති එකයි.
ඒක තමයි පසුගිය කාලයේ වුණේ. ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කළේ නෑ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කළේ නෑ.
ඒ ගැටුම් ඇතිවුණා දෙගොල්ලොම උකුස්සෝ වෙන්න මහන්සි ගත්තා.”