වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදීමට ආණ්ඩුව මැදිහත් නොවුණහොත් ආණ්ඩුවට තවදුරටත් සහයෝගය ලබාදීම පිළිබඳව සලකා බලන බව දමිළ ප්රගතිශීලී සන්ධානය සඳහන් කරයි.
සාධාරණ වැටුපක් ඉල්ලා වතු ආශ්‍රිතව සිදු වූ උද්ඝෝෂණ ව්‍යාපාර කොළඹ අගනුවර දක්වා පැමිණ තිබෙන බවද එම සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් මහතා සඳහන් කළේය.
වතු කම්කරුවන්ට රුපියල් 600ක දෛනික වැටුපක් වතු හාම්පුතුන් යෝජනා කළත් පවතින ආර්ථික තත්ත්වයට එය ප්‍රමාණවත් නොවන බවත්, මේ නිසා වතු කම්කරුවන් සමග සාකච්ඡා කර වතු හාම්පුතුන් සාධාරණ වැටුපක් ලබාදිය යුතුව තිබෙන බවත් අද (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.