දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කාර්යාල ප්‍රවාහනය සදහා මාර්ග බලපත්‍ර ලබාගෙන සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ බස්රථ වැටලීමේ මෙහෙයුමකදී,, ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ බස්රථ තිස් දෙකක ගමනාන්ත පුවරු ඉවත් කොට, එක් බස් රථයක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු චානක ලංකානන්ද පැවසීය.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතාගේ උපදෙස් මත කොළඹ අංක 4 කාර්යාලයේ මාර්ග පරීක්ෂක නිලධාරීන් හා හෝමාගම පොලිසිය එක්ව දින දහයක් පුරා මෙම වැටලීම සිදු කෙරිණි.
දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කාර්යාල ප්‍රවාහන බලපත්‍ර ලබාගෙන දීර්ඝ කලක සිට සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කරන බවට පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී තිබූ පැමිණිලි වලට අනුව මෙම වැටලීම සිදු කෙරිනි.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල දී කළ වැටලීමේදී බස්රථ පනස් නවයක් පරීක්ෂාකොට ඉන් ගමනාන්ත පුවරු ප්‍රදර්ශනය කරමින් ධාවනය කළ බස් බස් රථ 32 ගමනාන්ත පුවරු ඉවත් කොට බත්තරමුල්ලේ සිට වැලිපැන්න දක්වා ,මගීන් ප්‍රවාහනය කල එක් බස් රථයක් සදහා හෝමාගම අධිකරණයේ නඩු පැවරීමට පියවර ගත් බව පැවසේ .
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න