කන්දකාඩු පුනරුප්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනෙකුට හා රඳවියකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු දික්වැල්ල ලක්කල, සෞඛ්‍ය බල ප්‍රදේශයේදී නිරෝධායනට ලක්කළ අතර ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික සේනානායක මහතා පැවැසුවේ වලස්ගල, යෝනකපුර හා කෝන්දෙණිය ප්‍රදේශවල විසි එක් දෙනෙකු පමණ මෙසේ නිරෝධායනයට ලක්කර තිබුණි.
වෛද්‍ය ඉන්දික සේනානායක මහතා පැවසුවේ ඔවුන් නිරෝධායන කඳවුරුවලින් නිවෙස් වෙත පැමිණ දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක්ව තම නිවෙස්වල ගත කරන බවයි.
දික්වැල්ල - නිමල් ලන්දගේ