දික්වැල්ල පොලිස් වසමේ වේහැල්ල ප්රදේශයේ පිහිටි එබකන්ද ජලාශයේ තිබි සොයාගත් , හමුදාව භවිතා කරන විදේශිය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ඊයේ ( 23) දින දහවල් නිෂ්ක්රීය කළ බව දික්වැල්ල පොලීසිය පවසයි .
මෙම දිනවල පවතින නියගයත් සමඟ ජලාශයේ ජල මට්ටම බොහෝ සෙයින් අඩු වී ඇති අතර ඉවුරට අඩි 20ක් පමණ වැව මැදට වන්නට මෙම බෝම්බය මතු වි තිබෙනු දුටු මිරිදිය ධීවරයින් විසින් ඉකුත් 22 දා දහවල් ඒ පිළිබඳව දික්වැල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගාමිණි ශාන්ත මහතා දැනුම්වත් කර ඇත.
ඒ පිළිබඳව පරීක්ෂණ කල දික්වැල්ල පොලීසිය එය බොම්බයක් බවට මූලික නිගමනයට පැමිණිමෙන් අනතුරුව මාතර දිස්ත්රක් භාර උසස් පොලිස් නිලධාරීන්ද දැනුම්වත් කර මාතර ගැමුණු හේවා බලඇණියේ බොම්බ නිෂ්ක්රීය අංශය විසින් ඊයේ (23) එය නිෂ්ක්රීය කරන ලද බව පොලිසිය පවසයි .
ඉතා හොඳ ක්රියාකාරි තත්ත්වයේ තිබු මෙම බෝම්බය මැතකදි පතාල ක්රියාකාරිකයින් විසින් මෙසේ ජලාශයට දමන්නට ඇතැයි සැකයක් පවතින බවත් , තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බවත් , කුඩා ළමයින් හෝ ගම්වාසීන් හෝ මෙම බෝම්බය මත යම් ක්රියාවක් සිදු කළේ නම් එය පුපුරා මහත් විනාශයක් සිදු වීමට ඉඩ තිබුණු බවත් පොලීසිය වැඩිදුරටත් පැවසිය .