දකුණු පළාතේ රෝහල් සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රවාහනය කිරිමට ශ්‍රි ලංගම මගින් බස් රථ 34ක් යොදවා ඇති බව ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ ප්‍රාදේශිය කළමණාකරු ආර්.ඒ ප්‍රභාත් කුමාර මහතා පවසයි.
දකුණේ ප්‍රධාන රෝහල් සදහා මෙන්ම මුලික රෝහල් සදහා මෙකි බස් රථ යොදවා ඇති බවත් ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු මගි අවශ්‍යතා අනුව බස් රථ යෙදවිමට කටයුතු කරන බවද හෙතෙම පවසයි . ප්‍රදේශිය කළමනකාරවරයා මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද පැවසීය,
කතරගම ඩිපොවෙන් කතරගම සිට හම්බන්තොට රෝහලට එක බස් රථයක් ධාවනය කරනවා. ලුණුගම්වෙහෙර සිට දෙබරවැව රෝහලට එක බස්රථයක් ධාවනය කරනවා. අම්බලන්තොට ඩිපොවෙන් ධාවනය කරනවා සුරියවැව හම්බන්තොට හා කටුවන හම්බන්තොට රෝහලට එක බැගින්. තංගල්ලෙන් හම්බන්තොට රෝහලට එක් බස් රථයක් ධාවනය වෙනවා. තංගල්ල රෝහලට බස්රථ 04ක් නිදහස් කරලා තියෙනවා. කටුවන වලස්මුල්ල හා විරකැටිය රෝහල්වලට එක බැගින් බස් රථ ලබාදි තියෙනවා. තංගල්ල බෙලිඅත්ත යටියන තල්පාවිල සිට බස් රථ 03ක් ධාවනය කරනවා. මාතර ඩිපෝවෙන් කරාපිටිය රෝහලටද බස් රථයක් ධාවනය කරනවා.
හක්මන ඩිපෝවෙන් මිද්දෙණිය වලස්මුල්ල,මාතර රෝහලට බස් රථ 02ක් ධාවනය කරනවා. අකුරැස්ස ඩිපොවෙන් මාතර රෝහලට කරාපිටිය රෝහලට බස් රථ 03ක් සේවා සපයනවා කොග්ගල ඩිපොවෙන් මාතර රෝහලට බස් රථයක් ධාවනය වෙනවා. ගාල්ල ඩිපොවෙන් මාපලගම සිට කරාපිටිය රෝහලට බස් රථ 02ක් ධාවනය වෙනවා. මහමෝදර රෝහලට ගාල්ල ඩිපොවෙන් බස්රථයක් දිලා තියෙනවා. කළුතර මහමොදර දක්වා ධාවනය කරන්න. උඩුගම ඩිපොවෙන් කරාපිටිය රෝහලට බසයක් ධාවනය වෙනවා. ඇල්පිටිය ඩිපොවෙන් බස් රථ 05ක් ධාවනය වෙනවා. අම්බලන්ගොඩ ඩිපෝවෙන් බස් රථ 04ක් සෞඛ්‍ය කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරිමට යොදවා තියෙනවා යැයිද හෙතෙම පැවසීය.