දකුණු පළාතේ පවුල් 979කට අයත් පුද්ගලයින් 2,392ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 437කට අයත් පුද්ගලයින් 1022ක්, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 367කට අයත් පවුල්911 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 175කට අයත් පුද්ගලයින් 459 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද කොවිඩ් මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
මේ අතර දෙවැනි කොරෝනා රැල්ල ආරම්භ වි මේ දක්වා කාලය තුලදි දකුණු පළාතෙන් කොරෝනා වෛරසය ආසාදිතවුවන් 239 දෙනෙකු වාර්තාවි ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 159 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 51 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 29 දෙනෙකු වාර්තා ඇත. මේ දක්වා කාලය තුල දකුණු පළාතේ පි.සි ආර් පරික්ෂණ 27,165ක් සිදුකොට ඇති බවද කොවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලය පෙන්වා දෙයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ පි.සි ආර් පරික්ෂණ 13,430ක් මාතර දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරික්ෂණ 7370 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පි.සි.ආර් පරික්ෂණ 6365 ක් සිදුකොට ඇත.