මාතර නගරයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවක් අතරතුර නිරෝධායන නීති උල්ලංඝනය කිරිමේ චෝදනාව මත සමඟි ජන බලවේගය නියෝජනය කරන හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී රංජිත් මුණසිංහ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු මාතර පොලීසිය කළ දැනුම් දිමක් මත අද දහවල් එහි පැමිණි අවස්ථාවේදි මෙය සිදු කර තිබේ.
හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා පසුගිය මස 20 වනදා මාතර නගරයේ පැවති අදාළ විරෝධතාවයේදි මුහුණු ආවරණ ඉවත් කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිෙබන අතර ඒ සම්බන්ධයෙන් කළ පරික්ෂණවලින් පසු ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.