දකුණු පළාතෙන් ඊයේ (23) දින නව කොරෝනා ආසාදිත රෝගින් 60 දෙනෙකු වාර්තා විමත් සමග දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 2210 දක්වා ඉහලගොස් ඇති බැව් දකුණු පළාතේ කොවිඩ් මෙයෙහුම් කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
කොරෝනා ආසාදිත රෝගින් 2210න් 1158 දෙනෙකු ඊයේ (23) දිනය වනවිට සුවය ලබා නිවෙස්වලට ගොස් තිබුණි. මේ වනවිට තවත් කොරෝනා ආසාදිත රෝගින් 1052කු රෝහල් ප්‍රථිකර ලබති. ඊයේ දිනය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 07 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිත රෝගින් 42 නෙකු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය වනවිට කොරෝනා ආසාදිත රෝගින්1166 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 643 දෙනෙකු සුවය ලබා ඇත. මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 807 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 399 දෙනෙකු සුවය ලබා ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 237කි. ඉන් 116 දෛනකු සුවය ලබා ඇත.
මේ අතර දකුණු පළාතේ පවුල් 2498කට අයත් පුද්ගලයින්2498 තට අයත් පුද්ගලයින් 6472ක් නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්1202 කට අයත් පුද්ගලයින් 2660 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින අතර මාතර දිස්ත්‍රික්කයේ පවුල් 831කට අයත් පුද්ගලයින් 2935 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටිති. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්465කට අයත් පුද්ගලයින් 877 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙති.
දකුණු පළාත තුල පුද්ගලයින් 80826 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇත.
ජිනේෂ් නානායක්කාර