දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින් 2331 දෙනෙකු ඊයේ (08) දිනය වනවිට සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බැව් දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
දකුණු පළාතෙන් ඊයේ (08) දිනය වනවිට කොරෝනා ආසාදිත රෝගින් 3190 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් 2331 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත. ගාල්ල දිස්ත්රික්කය තුල ඊයේ (08) දිනය වනවිට කොවිඩ් ආසාදිත රෝගින් 1680 දෙනෙකු වාර්තා වි ඇති අතර ඉන් රෝගින් 1251 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත. මාතර දිස්ත්රික්කයෙන් වාර්තා වි ඇති කොවිඩ් ආසාදිත රෝගින් 1158 දෙනාගෙන් 834 දෙනෙකු සුවය ලබා ඇති අතර. හම්බන්තොට දිස්ත්රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් 352 දෙනාගෙන් 246 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද කොවිඩ් මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.
මේ අතර දකුණු පළාතේ පවුල් 3146කට අයත් පුද්ගලයින් 7424 දෙනෙකු නිවෙස්වල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිති.
ජිනේෂ් නානායක්කාර