දකුණු පළාතේ ගුරු විභාගයෙන් සමත් වූවන් වෙනුවෙන් ගුරු පත්වීම් ලබාදී ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් තමන් වෙත විශාල අසාධාරණයක් සිදුව ඇතැයි ගුරු විභාග සමත් එහෙත් පත්වීම් නොලද උපාධිධාරි තරුණ තරුණියන් පිරිසක් දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා ඉදිරියේ අද (28) පවසා සිටියහ.
දකුණු පළාතේ ගරු විභාග සමතුන්ගෙන් පිරිසකට ඊයේ (27) වැලිගමදී ගුරු පත්වීම් ලබාදෙනු ලැබූණි.
නමුත් සෙසු පිරිසට පත්වීම් නොලැබීම සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාර වරයා සමග සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුකාර වරයාගේ මහජන දිනය පැවති අද (28) දිනයේ මෙම උපාධිධාරීන් පිරිස දක්ෂිණපායට පැමිණ සිටියහ.
මෙහිදී දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඒ. යූ වේලාරත්න, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩබ්. වික්‍රමසිරි යන මහත්වරුන් දක්ෂිණපායේ පස්වැනි මහලේ කමිටු ශාලාවකදී මෙම උපාධිධාරීන් පිරිස වෙත සාකච්ඡාවක් ලබාදෙනු ලැබුණි.
මෙම සාකච්ජා අවසානයේ ඉන් පිටතට පැමිණි ගුරු විභාග සමතුන්ගේ එකමුතුවේ නියෝජිත සපුමල් මදරසිංහ මහතා මෙසේ පැවසීය.
අපි අද ආවේ දකුණු පළාතේ ගුරු විභාග සමතුන් සියල්ලටම විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ අසාධාරණය සම්බන්ධයෙන් ආණ්ඩුකාර වරයාත් එක්ක ඉදිරියට ගන්න පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න.
ඊයේ දවසේ දෙවන අදියර කියලා පත්වීම් දුන්නා ගුරු විභාග සමතුන් පිරිසකට. එක්දහස් තුන්සීයකට කියලා තමයි කීවේ . නමුත් හයසිය ගණනකට දීලා තමයි ආණ්ඩුකාර වරයා ඇතුළු බලධාරීන් වැඩේ නැවැත්තුවේ.
මහ රෑ කොල් කරලා තමයි කීවේ පත්වීම ගන්න එන්න කියලා. කිසිම විනිවිදභාවයකින් තොරව තමයි මේ සියලු පත්වීම් ටික දුන්නේ.
අපි කියනවා ඊළඟ දෙන අදියරයන් ගැන නිශ්චිත වචනයක් කියන්න බෑ කියලා තමයි අද කීවේ. ඊළඟට කවදා දෙචනවද කියලා අපිට කයන්න බෑ කීවා. මේ ගැසට් එක පටන් ගන්නකොට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යතුමා කීවා පන්දහස් ගණනකට දෙනවා පුරප්පාඩු තියෙනවා කියලා. හැබැයි මේ වනකොට ආණ්ඩුකාර වරයා ඇතුළු නිලධාරීන් කියන්නේ ඒ ගාන දෙන්න විදියක් නෑ දෙන්නේ කොහාමද කියලා දන්නේ නෑ කියලා තමයි බලධාරීන් කියන්නේ.
ආණ්ඩුකාරවරයා කියන්නේ මේක දුන්නට පස්සේ ඊළඟ ඒවා ගැන කතා කරමු කියලා ආණ්ඩුකාරවරයා, නිලධාරීන් කියන්නේ. ඉතිරි පත්වීම් දෙන්නේ මොන විදයටද කියලා ආණ්ඩුකාරවරයා දන්නෙත් නෑ. ඒ ගැන කතා කරන්න සූදානමකුත් නෑ.
අපිට කියන්න තියෙන්නේ සියලු විභාග සමතුන්ට පත්වීම් දෙන්න. අපි දන්නවා මීට වඩා පුරප්පාඩු පාසැල් වල තියෙනවා. කලාප වල තියෙනවා.
සුදුසුකම් තියෙන උපාධිධාරීන්ට පත්වීම් දෙන්න කියනවා වගේම විභාග ලියපු ළකුණු ප්‍රමාණයන් දැන ගැනීමට අපිට අයිතියක් තියෙනවා. වහාම අපගේ ළකුණු ප්‍රමාණයන් දැනුවත් කරන්න කියලා අපි කියනවා.
මේ සම්මන්ධයෙන් අදහස් දැක්වූ දකුණු පළාත් ආන්ඩුකාර හේමාල් ගුණසේකර මහතා මෙසේද පැවසීය.
කිසිම ප්‍රශ්නයක් නෑ විභාගේ පාස් වෙච්චි සියලු දෙනාට පත්වීම් දෙනවා. මේ සති දෙක තුළ පත්වීම් දෙනවා. පොඩ්ඩක් අපේ ප්‍රමාදයක් වෙලා තියෙනවා පළාත් සභාව පැත්තෙන්. ඒ පත්වීම් ලියන වෙලාවේ ප්‍රමාදයක් ඇති වෙලා තියෙනවා. ඒ ටික තව දවස් දෙකක් තුනක් ඇතුලත ඒක විසඳනවා.