දකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (21) වාර්තා වූ නව ආසාදිතයින් 82දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,084දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1,159ක් දක්වා ද මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 707ක් දක්වා ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 218ක් දක්වා ද ඉහල ගොස් තිබේ.
ගතවූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 59දෙනකු ද මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 09දෙනකු ද හම්බන්තොටින් ආසාදිතයන් 14දෙනකු දඅලුතින් වාර්තා වී ඇත. අගුණුකොලපැළැස්ස බන්ධනාගාරයෙන් ද එක් ආසාදිතයෙකු ද අලුතින් හමුවී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 24කි. නෙළුවෙන් ආසාදිතයන් 15 දෙනකු ද හබරාදුවෙන් ආසාදිතයන් 08දෙනකුදරත්ගම කොට්ඨාසයෙන් ආසාදිතයන් 05දෙනකු ද බද්දේගම දෙදෙනකු ද අක්මීමණ, හික්කඩුව, වැලිවිටිය දිවිතුර, යක්කලමුල්ල සහ නියාගම කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.
මාතර දිස්ත්‍රික්කයෙන් අළුතින් හමුවූ රෝගීන්ගෙන් 04දෙනකු මාතර මහ නගර සභා කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර මාලිම්බඩ, දික්වැල්ල, කැකනදුර, පස්ගොඩ හා තිහගොඩ කොට්ඨාස වලින් එක් ආසාදිතයා බැගින් දවාර්තා වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොටින් ආසාදිතයන් 12දෙනකු ද වලස්මුල්ල හා වීරකැටියෙන්එක් ආසාදිතයා බැගින් ද හමුවී තිබේ.
දකුණු පළාතේ පවුල් 2,175ක පුද්ගලයෝ 5,829දෙනකු මේ වනවිට නිරෝධායනයට ලක්කර සිටිති. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 995ක පුද්ගලයින් 2,356දෙනකු ද මාතර දිස්ත්‍රික්කයේ පවුල් 727ක පුද්ගලයින් 2,621දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 453ක පුද්ගලයින් 852ක් ද නිරෝධායනයට යොමුකර තිබේ.
කොරෝනා රෝගීන් සොයාගැනීම සඳහා දකුණු පළාතේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ 78,380ක් සිදුකර ඇත. එයින් ගාල්ල දිස්ත්‍රික්කයේ පරීක්ෂණ 36,249ක් ද මාතර පරීක්ෂණ 23,728ක් ද හම්බන්තොට පරීක්ෂණ 18,403ක් ද සිදුකර තිබේ.
දකුණු පළාතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 1158දෙනකු සුවය ලබා නිවෙස් වලට ගොස් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පවසයි. එම කාර්යාලයෙන් නිකුත් කර ඇති දත්ත වලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින්ගෙන් 643දෙනකු ද මාතරින් හමුවූ ආසාදිතයින්ගෙන් 399දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 116දෙනකු ද සුවය ලබා ඇත.
සිරංගිකා ලොකුකරවිට