මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ප්‍රධාන සැකකරුවෙකු තංගල්ලේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු 36 හැවිරිදි පපි නමින් හඳුන්වන බෝට්ටු පදවන්නෙකි.
පසුගිය පෙබරවාරි මාසයේදී මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට මොහු සිය බෝට්ටුව යොදාගෙන තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම අවස්ථාවේදී ගිනිඅවි කිහිපයක් ද රැගෙන පැමිණ ඇති බවද මේ වනවිට වාර්තා වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කලක සිට සැඟව සිට ඇති අදාළ සැකකරු සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ රහසිගත විමර්ශනයකින් පසු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.