පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය ඊයේ (22) රාත්රියේදී දකුණේ ප්රබල පාතාල කණ්ඩායම් සාමාජිකයෙකු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් ,පතුරම් දෙකක් හා මැගසින් එකක් සමග මීටියාගොඩ වේරගොඩ ප්රදේශයේදී සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂිත කැමරා උපකරණ සවිකර නිවස වටා විශාල තාප්පයක් ඉදිකොට ඉතා ආරක්ෂිතව සිටි මේ සැකකරුගේ නිවස වටලා ඔහුව මේ ගිනි අවි දෙක , පතුරම් දෙක හා මැගසින් එක සමග අත්අඩංගුවට ගැනීමට මහත් පරිශ්රමයක් දැරීමට සිදුවූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ගිනිඅවි සමග සැකපිට ප්රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා මීටියාගොඩ පොලීසියට භාරදී ඇත.
සැකකරු අද (23 ) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කරන බව මීටියාගොඩ පොලීසිය කියයි.
කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත