දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් විසින් බහු විකෘති සහිත නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ නමුත් මෙතෙක් භාවිත කරන එන්නත් මගින් ලබාදුන් ප්‍රතිශක්තිය හෝ කලින් ආසාදනය වීමෙන් ලැබූ ස්වභාවික ප්‍රතිශක්තිය තුළ එය බෝවිය හැකිද නැද්ද යන්න තවම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි දකුණු අප්‍රිකාවේ ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනය පැවසීය.
C.1.2 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය මුලින්ම සොයාගනු ලැබුවේ මැයි මාසයේදී වන අතර එය දැන් බොහෝ දකුණු අප්‍රිකානු පළාත්වලට සහ අප්‍රිකාවේ, යුරෝපයේ, ආසියාවේ සහ ඕෂනියාවේ වෙනත් රටවල් හතකට ව්‍යාප්ත වී ඇති බව සමීක්ෂණයට භාජනය වී නොමැති පර්යේෂණයකින් හෙළි වී තිබේ.