දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝෂා මහතා ජී.- 20 සමුළුවට සහභාගී වීම සදහා ජපානය බලා යන අතරතුර , කෙටි සංචාරයක් සදහා අද (27) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
එතුමා දකුණු අප්‍රිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින උදෑසන 10.20 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , එතුමා සමඟ 20 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් ද පැමිණියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ .
මෙම පිරිස ගුවන් තොටුපළේ දී තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ අතර , ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ද ලබා ගැනීමට කටයුතු කළහ .
පසුව මෙම පිරිස දහවල් 12.30 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ජපානයේ ඔසාකා බලා පිටත්ව ගියහ .
කටුනායක - ටි.කේ.පි කපිල