දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ හතරවන අධියර වන අන්දරවැව හරහා මත්තල සහ හම්බන්තොට දක්වා වන අධිවේගී මාර්ග කොටස 2019 ජනවාරි මාසයේදී ජනතා අයිතියට පත්කළ හැකි බව දක්ෂිණ අධිවේගී දිගුවේ හතරවන අධියරේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඒ. පී. කේ. අබේධීර මහතා පැවසීය.
මෙම අධිවේගී මාර්ගය අන්තර හුවමාරැ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරන අතර මාතර සිට හම්බන්තොට සහ මත්තල දක්වා ගමන් කළ හැකි මාර්ගයක් ලෙස මෙය ඉදිකෙරේ.
ශ්‍රී ලංකාවේ දැනට ඉදිවෙමන් පවතින කිලෝමිටර් 240 පමණ වන අධිවේගී මාර්ග පද්ධතියේ මෙවැනි ස්ථාන 02 ක් පමණක් ඇති බවත් ඒ කඩවත සහ අන්දරවැව යන ස්ථන පමණක් බවද අබේධීර මහතා කීවේය.
චීන රජයේ ණය ආධාර මත ඉදිවෙන මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් සමාගම විසින් සිදුකරයි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සම්බන්ධ කරනු ලබන මෙම ව්‍යාපෘතියේ දිග කිලෝමීටර් 25 කි. අධිවේගී මාර්ගය මංතීරැ 04 කින් යුක්ත වන අතර පාලම් 12 න් සහ බෝක්කු 71 න් සමන්විත වේ.
මෙහි ඉදිකිරීම් කටයුතු 2016 ජනවාරි 19 දා ආරම්භකළ අතර ලබන වසරේ(2019) ජනවාරි 19 දා වනවට එය විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද අබේධීර මහතා සඳහන් කළේය. ඒ අනුව වසර 03 වැනි කාලයක් තුළ මෙම අධිවේගී මාර්ගය ඉදිකර ඇත.
ඡායාරූප ප්‍රදීප් පතිරණ