දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටසෙහි වැඩ කඩිනමින් අවසන් කොට මෙම වසරේ පළමු කාර්තුවේ දී විවෘත කරන බවට වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ චෛත්‍ය පරිශ්‍රයෙහි පැවැති නව වසර සඳහා වැඩ ඇරඹීමේ උත්සවයට සහභාගී වෙමිනි.
වසර 05 ක් ආපස්සට ඇද දැමූ රටේ ආර්ථිකය නැවත ගොඩනැගීම නව වසරේ අපේක්ෂාව වන බවත් රටේ හදවත බඳු වරායට අත්‍යවශ්‍ය නැගෙනහිර පර්යන්තයේ වැඩ කටයුතු ආරම්භ කරමින් වරාය සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කීය.