උතුරේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය අද (01) දහවල් කොළඹ සිට කිළිනොච්චිය දක්වා පැමිණි අතර දුම්රියේ ආධාර රැගත් සහොදරයින් පිළිගනු ලැබුවේ කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් යන අය විසිනි.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතා ඇතුළු ආරක්ෂක අංශ විසින් ගංවතුරින් විපතට පත් වැසියන්ට සහන සැලසීමට එක්වන ලෙසට කරන ලද ඉල්ලීමකට අනුව සුරකිමු දුම්රිය සංවිධානයත් උතුරු ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන් එක්ව දකුණේ සිට ගංවතුර ආධාර රැගෙන මනුෂ්‍යත්වයේ දුම්රිය අද කිළිනොච්චියට ළගා විය.
අද දිනයේදී මනුෂ්‍යත්වයේ දුම්රිය මගින් ගෙන එනු ලැබූ ගංවතුර ආධාර ඉදිරියේදී කිළිනොච්චිය දිස්ත්‍රීක්කය වෙතට බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට යුද හමුදාව හා දිස්ත්‍රීක් ලේකම් කාර්යාල මගින් පියවර ගෙන ඇත.